බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමට අදාල වාහනය සොයා ගැනේ සැකකරුවනුත් හඳුනාගැනේ

0
බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී පෙරේදා(22) සිදු වූ පස් පුද්ගල ඝාතනයේ සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන වාහනය සොයා ගෙන තිබේ.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථගාල අසල නවතා තිබූ වාහනයක් ඊයේ රාත්‍රියේ මෙලෙස සොයා ගෙන ඇත.

පෙජරෝ වර්ගයේ මෙම ජීප් රථය බෙලිඅත්තේදී 05 දෙනෙකු ඝාතනය කිරීම සඳහා ඝාතකයන් පැමිණි වාහනය විය හැකි බවට මේ වන විට කරුණු සොයා ගෙන තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම ජීප් රථය සියභාරයට ගෙන ඇත.

තංගල්ල අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීම සදහා පැමීණෙමින් සිටියදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්විය.

වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මිය ගිය අයට ඇතුළත්ය.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

මෙම ඝාතන සිද්ධිය විමර්ශනය සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබේ.

බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමට අදාල සැකකරුවනුත් හඳුනාගැනේ

බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ලගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහය ගැනීමට තීරණය කර තිබේ.

පොලීසිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතර කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඊට ලබා ගන්නා බවයි.

බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ පෙරේදා උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු 5 දෙනෙකු මියගියාහ.