අයෝධ්‍යාහි රාම් මන්දිරය නරේන්ද්‍ර මෝඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරේ

0
අයෝධ්‍යාහි රාම් මන්දිරය

උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි රාම් මන්දිරය විවෘත කිරීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ ප්‍රධානත්වයෙන් සිදුවුනා

රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් ඇරයුම් කර ඇති බව සඳහන් වනවා.

අක්කර 70ක භූමි ප්‍රදේශයකින් යුත් අයෝධ්‍යා පුද බිමේ අක්කර 7.2ක භූමි ප්‍රමාණයක රාම් මන්දීරය ඉදිකර තිබෙනවා.

එය මහල් තුනකින් සමන්විත වන අතර විවෘත වන්නේ එහි බිම් මහල පමණයි.

ලොව පුරා විවිධ ආගම්වලට සහ සංස්කෘතීන්ට අයත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ගමනාන්තයක් බවට රාම් මන්දිරය පත්වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.

රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා බිඳ දමා විනාශ කළ බබ්රි මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයේයි.