අයි.එම්.එෆ්. කොන්දේසිවලට එරෙහිව ජවිපෙ සමග සංධානයකට විමල් ගම්මන්පිල මනාපයි

0
අයි.එම්.එෆ්. කොන්දේසිවලට

අයි.එම්.එෆ්. කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතාව විමුක්ති පෙරමුණ විය යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සමග එවැනි සන්ධානයක් ගොඩනැගීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් විරුද්ධ නැතැයි ද හෙතෙම කීවේය.

රටේ ජනතාව දුකට පත්වී ඇති බවත් එසේ දුකට පත්වීමට හේතුව අයි.එම්.එෆ්. කොන්දේසි බවත් පැවසූ නානායක්කාර මහතා එය පරාජය කරනවා හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකි යැයි ද සඳහන් කළේය.

අයිඑම්එෆ් වලට විරුද්ධ කඳවුරේ වැඩිම ජනතා ප්‍රසාදයක් ඇති පක්ෂය ජනතාව විමුක්ති පෙරමුණ බවත් පැවසූ නානායක්කාර මහතා එම නිසා ජනතාවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂය මුල් විය යුතු යැයි ද සඳහන් කළේය.