ප්‍රංශය සිය ඉතිහාසයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා පත්කරයි.

0
ලාබාලතම අග්‍රාමාත්‍යවරයා
ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සිය රජයේ නව අග්රාමාත්යවරයා ලෙස ගේබ්රියෙල් ඇටල්ව නම් කර තිබේ. 1989 වසරේදී උපන් ඔහු ඔහු ප්රංශයේ මෑත ඉතිහාසයේ පත්වූ ලාබාලතම අග්රාමාත්යවරයා බවට පත්වන්නේ 34 වැනි වියෙහිදී එම ධූරයට පත්වෙමිනි. ගේබ්රියෙල් එරට පළමු ලාබාලතම අග්රාමාත්යවරයා වන අතරම ඔහු ප්රංශයේ පළමු විවෘත සමලිංගික අග්රාමාත්යවරයාද වනවා.
එම්මානුවෙල් මැක්රොන් ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව 2017 වසරේදී ප්රථම වරට ප්රංශ පාර්ලිමේන්තුවට තේරීපත්වූ ගේබ්රියෙල් වයස අවුරුදු 29 දී කණිෂ්ඨ අමාත්ය තනතුරක් සමඟ ප්රංශයේ පස්වන ජනරජයේ ලාබාලතම අමාත්යවරයා බවට පත්වනවා. පසුව 2020 වසරේදී ප්රංශ රජයේ ප්රකාශයා බවට පත්වන ඔහු එතැන් පටන් ප්රංශ ජනතාව අතර ජනප්රිය වීමට පටන් ගන්නවා. ජනාධිපති මැක්රෝන්ගේ දෙවන ධූරකාලයේදී කෙටි කලක් රජයේ අයවැය අමාත්යවරයා වූ ගේබ්රියෙල් ඇටල් පසුගිට ජූලි මාසයේ සිට මේ දක්වා ප්රංශයේ අධ්යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරනවා.
මේ වන විට යුරෝපා සංගමයේ ප්රබලතම රටවල් කිහිපය අතරින් එකක් වන ප්රංශය ලබන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත යුරොපා සංගමයේ මැතිවරණය සඳහා මෙහෙයවීමේ වගකීම සම්පූර්ණයෙන්ම ප්රංශයේ අග්රාමාත්යවරයා ලෙස ගේබ්රියෙල් ඇටල්ගේ දෙවුර මත පැටවෙන අතර ප්රංශය මේ වන විට මුහුණ දී ඇති ආර්ථික සමාජීය ගැටළුවලට විසඳුම් ලබාදෙන ආකාරය මත මේ කඩවසම්, ආකර්ෂණීය හා ජනප්රිය තරුණයාගේ දේශපාලන අනාගතය විසඳෙනු ඇත.