ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 15 ක්. හැමතැනම යුක්තිය ඇහෙනවා ඒත් ලසන්තට කෝ යුක්තිය ?

0
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 15 ක් ගෙවී ගොස් තිබේ.

ඒ නිමිත්තෙන් බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය තැන්පත් කළ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ පවුලේ ඥාතීන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව ඔහු අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීය.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය දිගින් දිගටම පමා වීම සම්බන්ධයෙන් එහි පැමිණි සිටි බොහෝ දෙනා තම අප්‍රසාදය පළ කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ජනපති රනිල් වික්‍රමසිංහට තම මිත්‍ර ලසන්තට දැන් යුක්තිය ඉටු කළ නොහැක්කේ ඇයි දැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විමසා සිටියේය.