IMF වැඩසටහන ඉදිරි වසර 04 අඛණ්ඩ ව පැවතිය යුතුයි. නැත්නම් අමාරුවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

0
ආචාර්ය නන්දලාල් වීරසිංහ

ඕනෑම රජයක් යටතේ IMF වැඩසටහන ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩ ව පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.

ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.