ව්‍යාජ ලේඛන පෙන්වා කොළඹ ආවොත් වසර පහක් හිරගෙට

0
Quarantine rules - ව්‍යාජ ලේඛන පෙන්වා කොළඹ ආවොත් වසර පහක් හිරගෙට

ව්‍යාජ කැදවීමේ ලිපි (ව්‍යාජ ලේඛන) පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු පවසති .

මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද ලබා දිය හැකි බව එම ප්‍රධානීහු සඳහන් කරති.

නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

ව්‍යාජ සේවා කැදවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට පෙරේදා (31) දිනයේදී ඇතුළුවී ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත .