විවාහ ලියාපදිංචියක් සඳහා අද සිට සහභාගී විය හැකි පිරිස මෙන්න

0

විවාහ ලියාපදිංචියක් කිරීමට අවශ්‍ය නම් නිවසේ දී එය සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ සඳහා සහභාගී විය හැක්කේ මනාලයා,මනාලිය , සාක්ෂිකරුවන් , දෙමාපියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයාට පමණක් බව ද ඔහු සඳහන් කළා.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් ඊයේ (15) දිනයේ පැනවූ අතර විවාහ උත්සව වැනි අවස්ථා ද පැවැත්විය නොහැකි බවයි එහිදී සඳහන් කෙරුණේ.

එහෙත් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් එය සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.