අතුරුදන් වූ තරුණියගේ මළ සිරුර හමුවේ

0
තරුණියගේ මළ සිරුර

පසුගිය 27 දින රාත්‍රී නිවසින් අතුරුදන් වූවා යැයි පැවසෙන වැලිපැන්න හිජ්‍රා මාවතේ පදිංචි මොහොමඩ් අමීන් පාතිමා අස්මියා නම් 24 තරුණියගේ මළ සිරුර අද සවස 4.00 ට පමණ ප්‍රදේශවාසීන්  සොයාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.

වැලිපැන්න පොලිස් වසමේ මූණ මල්වත්ත ගගේ මීගම තොටුපොළ ආසන්න කැලෑබද ප්‍රදේශයක ගං ඉවුරේ තිබී මළ සිරුර සොයා ගෙන ඇති බවත්, එම ස්ථානයට ළඟා වීම ඉතා අසීරු කරුණත් වූ බවත් පොලිසිය සඳහන් කරයි.

වැලිපැන්න සිට කිලෝමීටර් කිහිපයක් දුර ගගේ දුෂ්කර ස්ථානයක තිබෙන මළසිරුර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා බෝට්ටු සහ ඔරු යොදාගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය කටයුතු කරන ලදී.

මළ සිරුර තිබෙන ස්ථානයට බෝට්ටුවක් මගින් පැමිණි වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ස්ථානීය පරීක්ෂණ සිදුකල අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබිණි.