අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයාගැනේ

0
අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර

පොලිස් අත්අඩංගුවෙන් මිදී ඇළට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් දියේ ගිලී අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඒ මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම-සේදවත්ත ප්‍රදේශයේදීය.

නිවාස බිඳීම් ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු 23 උදෑසන පළාගිය අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඔහු පසුපස ලුහුබැඳ ගොස් තිබුණි.

එම අවස්ථාවේදී සැකකරු ජාඇළට පැන තිබේ.

ඔහු සෙවීම සඳහා ඇළට පැන්න එක් නිලධාරියෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ අතර එලෙස අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර මෙලෙස සොයාගැනුණි.

වයස අවුරුදු 26ක් වන කොස්තාපල් චාවකච්චේරියේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ජාඇළ පොලිසියේ සේවයට පැමිණ තිබුණේ මීට මාස තුනකට පෙරය.