සුමධුර ධර්ම දේශකයානන් වහන්සේගෙන් පොලිස් නිලධාරිනියට කුනුහර්ප වරුසාවක්

0
සුමධුර ධර්ම

විද්‍යුත් මාධ්‍යයේ සුමධුර ධර්ම දේශනා සිදුකරන ප්‍රසිද්ද හිමි නමක් පානදුර දකුණ පොලිස් ස්ථානයේ දී එහි සැරයන්වරියකට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.

එම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා හමුවීමට පැමිණි අවස්ථාවේ තමන්ට නිසි ගෞරව නොකළ බව පවසමින් හිමියන් විසින් මෙම පොලිස් සැරයන්වරියට බැන වැදී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව ඇය ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන බව පවසන පොලිස් සැරයන්වරිය දැනටමත් පොලිස් සටහන් පොතේ මේ පිළිබඳව සටහන් තබා ඇත.

කෙසේ වෙතත් අදාල හිමියන් සඳහන් කරන්නේ තමන් තම මවගේ දානමය පින්කමට පොලිස් පරීක්ෂකවරයාට ආරාධනා කිරීමට ගිය අවස්ථාවේ මෙම සැරයන්වරිය තමන් වහන්සේට බැණ වැදුණු බවත් තමන් වහන්සේ ද ඊට ප්‍රතිචාර දැක්වූ බවත්ය.