ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුවෙයිද?

0

බොහෝ විට ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකිරීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

හිරු ටි.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද (01) උදෑසන සජීවීව සම්බන්ධන් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල ජනතාවගේ හැසිරීම ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට බොහෝ සෙයින් ඉවහල්වනු ඇති බවයි.