රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමට පියවර

0
රජයේ සේවකයින්ට

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ජනාධිපතිවරයා විසින් එම අදහස් පළකළ බවය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කරන බවද ජනධිපතිවරයා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දිනෙන් දින බඩු මිල වැඩිවන පසුබිමක වැඩ කරන ජනතාවගේ වැටුප්ද ඉහළ නැංවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවය.

ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදුවූ බවට සඳහන් කිරීමට ගන්නා උත්සාහයට කිසිදු පදනමක් නොමැති බවද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය හමුවේ සඳහන්කර තිබේ.