පොලිස් කොස්තාපල්වරිය රිය අනතුරකින් මරුට

0
පොලිස් කොස්තාපල්වරිය

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී 2023.10.10 සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑ කඩූව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරිය මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. අනතුරින් තුවාල ලද තරුණ කාන්තාව දඹුල්ල රොහලට ගෙනවිත් හදිසි ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත‍.

පොලිස් කොස්තාපල්වරිය

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි 25 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියකි.

දඹුල්ල සිට ගලේවෙල දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ගලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ තලකිරියාගම විහාරස්ථානය ආසන්නයේ දී මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධියට අදාලව ලොරිරථයේ රියදුරු අත්වඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබදව වැඩිදුර පරික්ෂන ගලේවෙල පොලිසිය පවත්වයි