තමාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් යයි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සමාජ මාධ්වල පලවන වාර්තා බරපතල ලෙස නොසලකන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
‘ඔයාලට බලාගන්න පුළුවන් මම අසනීපෙන්ද හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවාද කියලා. සමාජ මාධ්‍යවල පළ කරන දේවල් බරපතල ලෙස නොගත යුතුයි’
ඔහු මෙම අදහස් පල කලේ කැලණිය විහාරස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
තමා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස සිටීමට බලාපොරොත්තු නොවන බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා තරුණ නායකයින්ට අවස්ථාව දිය යුතු බවත් සදහන් කලේය.
සමාජ මාධ්‍ය වාරණය කළ යුතු නෑ
සමාජ මාධ්‍ය වාරණය කළ යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
ඒ මහතා කියා සිටියේ ‘සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕනේ නෑ. කාටත් විවේචනය කරන්න අයිතිය තියෙනවා. මට ඕන දෙයක් කියපුදෙන්. මට නම් ප්‍රශ්නයක් නෑ.’ යැයි කියාය.
කෙසේවෙතත් පසුගිය දිනෙක මාධ්‍ය හමුවකට එක්වූ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය යම් පාලනයක් සිදුකළ යුතු බවක්.