සංචරණ සීමා නොතකා කොළඹට මගීන් රැගෙන ආ පෞද්ගලික බස් රථයක් අල්ලයි

0
bus - සංචරණ සීමා නොතකා කොළඹට මගීන් රැගෙන ආ පෞද්ගලික බස් රථයක් අල්ලයි

සංචරණ සීමා පවතින කාලය තුල අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් රියදුරු, කොන්දොස්තර සහ එහි ගමන්ගත් පුද්ගලයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඟිනියාගල පොලිස් වසමේ නාමල් උයන ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේදී මෙම බස් රථය සහ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් 48 දෙනා අද (31) අම්පාර අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමට නියමිතයි.