ඉන්දීය සහ බ්‍රිතාන්‍ය වෛරස මුසුවී නව කොවිඩ් වෛරසයක් – බියකරු තත්ත්වයක් ගැන සැකයක්

0

ඉන්දියාවෙන් සොයාගත් දෙමුහුන් කොරෝනා වෛරසයත් මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොරෝනා වෛරසයත් මුසුවී නව වෛරසයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

මෙම වෛරසය වියට්නාමයෙන් සොයා ගන්නා ආසාදිතයන් අතර පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස වඩාත් ඉක්මනින් පැතිර යන ඒවා වූ අතර එම වෛරස එක්ව නිර්මාණය වූ නව වෛරසය වඩාත් බියකරු එකක් වනු ඇති බවටයි වියට්නාම සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරන්නේ.