ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලත් ඉහලට

0
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 58 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3127ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1256 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 2,982 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 ක ද, පැවතුණි.