ටිරාන්ට අපහාස කලාට දුමින්ද නාගමුව ට නොතීසි

0
දුමින්ද නාගමුව

අද (31) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නොතීසියක් නිකුත් කර තිබේ.

එයට හේතුව වන්නේ , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවයි.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුව මහතාට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර ඇත.