කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ සොෆී වසර 18කට පසු වෙන් වෙති

0
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ වන බිරිඳ සොෆී වසර 18කට පසු “අර්ථවත් සහ දුෂ්කර සංවාදයකින්” අනතුරුව වෙන් වී තිබේ.

එහෙත් “ගැඹුරු ආදරය සහ ගෞරවය ඇති සමීප පවුලක්” ලෙස තවදුරටත් කටයුතු කරන බව ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් මෙම යුවළ ප්‍රකාශ කළහ.

2005 වසරේදී මොන්ට්‍රියල් හි විවාහ වූ මේ යුවලට දරුවන් තිදෙනෙක් සිටිති.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ

නිවේදනයක් නිකුත් කරමින් ටෘඩෝගේ කාර්යාලය පැවසුවේ මෙම යුවළ වෙන්වීමේ ගිවිසුමට අත්සන් කර ඇති අතර ඔවුන් තවදුරටත් ප්‍රසිද්ධියේ පෙනී සිටිනු ඇති බවය.

“වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සියලුම නීතිමය හා සදාචාරාත්මක පියවර ගෙන ඇති බව සහතික කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඉදිරියටත් ඔවුන් එසේ කරනු ඇත,” නිවේදනයේ දැක්වෙයි. ඔවුන් ලබන සතියේ පවුලක් ලෙස නිවාඩුවක් ගත කරන බවද නිවේදනයේ වැඩිදුරත් දක්වා තිබේ.

සොෆී ටෘඩෝ තවදුරටත් නිල රාජකාරිවලට සහභාගී නොවනු ඇති අතර ඇයගේ එම කටයුතු සංවිධානය කිරීමට රජය උදව් නොකරනු ඇති බවද කැනේඩියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම යුවළ ඔවුන්ගේ දරුවන් වන 15 හැවිරිදි සේවියර්, 14 හැවිරිදි ඇල- ග්‍රේස් සහ නව හැවිරිදි හැඩ්රියන්ගේ , “යහපැවැත්ම” උදෙසා පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ඇත.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ

“අපි එකිනෙකා කෙරෙහි ගැඹුරු ආදරය සහ ගෞරවය ඇති සමීප පවුලක් ලෙසත්, අප ගොඩනඟාගෙන ඇති සහ ඉදිරියටත් ගොඩනඟන සෑම කටයුත්තකදීම සමීප පවුලක් ලෙසත් රැඳී සිටිනවා” 51 හැවිරිදි ටෘඩෝ සහ 48 හැවිරිදි ග්‍රෙගෝයර් ටෘඩෝ සඳහන් කළහ.

මෙම යුවල පසුගිය මැයි මාසයේදී III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එක්ව සහභාගී වූ අතර මාර්තු මාසයේදී කැනඩාවේ සංචාරය කළ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට සත්කාරකත්වය ලබා දුන්නද මෑත වසරවලදී ඔවුන් ප්‍රසිද්ධියේ එකට සිටිනු දක්නට ලැබුණේ අඩු වශයෙන්ය.

ටෘඩෝ ප්‍රථම වරට 2015 දී අගමැති වූ විට, මෙම යුවළ ඉහළ පෙළේ සඟරා අතිරේකයක පෙනී සිටි අතර එහිදී ඇය සඟරාවට පවසා තිබුණේ ඔවුන්ගේ පළමු හමුවීමෙන් පසු රාත්‍රී ආහාරය අවසානයේ ඔහු “මට වයස අවුරුදු 31 යි, මම අවුරුදු 31ක් ඔබ එනතුරු බලා සිටියා” යනුවෙන් පැවසූ බවය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ

ටෘඩෝ ඔවුන්ගේ විවාහයේ ඇති අභියෝග ගැන අදහස් දක්වමින් 2014 තම ස්වයං චරිතාපදානයේ මෙසේ ලියයි: “අපේ විවාහය පරිපූර්ණ නැහැ, අපිට කටුක උස් පහත්වීම් තිබෙනවා, නමුත් සොෆී මගේ හොඳම මිතුරිය, මගේ සහකාරිය, මගේ ආදරය. රිදවීම් ඇති වන විට පවා අපි එකිනෙකාට අවංක යි.”

2003 වසරේදී දෙදෙනා පෙම් සබඳතාව ආරම්භ කළේ සොෆී ටෘඩෝ රූපවාහිනී තාරකාවක් ලෙස කටයුතු කරමින් සිටියදීය. මානසික සෞඛ්‍යය පිළිබඳ පුණ්‍ය කටයුතු සඳහා ද ඇය ප්‍රසිද්ධය.

අහඹු සිද්ධියක් ලෙස, ටෲඩෝගේ බාල සොහොයුරා වන මිචෙල්, සොෆී ටෘඩෝ සමඟ එකට පාසල් අධ්‍යාපනය ලබා ඇත.

ටෘඩෝ , බලයේ සිටියදීම යුග දිවියෙන් වෙන්වීම ප්‍රකාශ කළ දෙවන කැනේඩියානු අගමැතිවරයා වේ.

පළමුවැන්නා වූයේ ඔහුගේ පියා වන, නැසීගිය පියරේ එලියට් ටෘඩෝ සහ මව මාග්‍රට් ටෘඩෝ ය, ඔවුන් එක්ව සිට වසර හයකට පසු 1977 දී වෙන් වූ බව ප්‍රකාශ කළහ. පසුව ඔවුන් දික්කසාද විය.”

BBC