අමෙරිකාව සහ චීනය සාමදාන වීමට සැරසෙයි

0
අමෙරිකාව සහ චීනය

අමෙරිකාව සහ චීනය

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය සහ රාජ්‍ය තාන්ත්‍රික උණුසුම අවම කිරීම දැන් එම දෙරටේම ප්‍රමුඛතාවක් බවට පත්ව ඇති බව පෙනී යයි.

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකුම පසුගිය කාලය තුළ චීනයේ සංචාරය කළ ද එය උණුසුම් වාතාවරණය සමනය කිරීමට සමත් නොවූ බව විචාරකයන්ගේ අදහසයි.

මේ අතරතුර චීනය සිය අංක එකේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන වොන් – යී චීන විදේශ අමාත්‍ය ධුරයට යළි පත්කර තිබේ.

නව විදේශ අමාත්‍යවරයාට අමෙරිකාවේ සංචාරයක නිරත වන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සතිය මුල දී නිල ආරාධනාවක් කර තිබිණි.

කෙසේ නමුත් චීන විදේශ අමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය සඳහා මෙතෙක් දින නියම කර නැති බව වාර්තා වෙයි.

එහෙත් චීන විදේශ අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ, චීන විදේශ අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරය තුළින් එක්සත් ජනපදය සමඟ සන්නිවේදනයක් පවත්වාගැනීමට අදහස් කරන බවය.

මේ අතර, අමෙරිකානු පෙන්ටගනයේ ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් එලි රැට්නර්, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යැන් ජියෙචි සමග ඊයේ (02) දුරකථන සංවාදයක නිරත වී තිබිණි.

එය චීනය සහ අමෙරිකාව අතර විරළ සහ ඉහළ පෙළේ සංවාදයක් බව විචාරකයන් පෙන්වා දෙයි.