අත්තනගල්ල ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය වයස අවුරුදු 21ක තරුණියක් පය ලිස්සා යාමෙන් අත්තනගලු ඔයට වැටී අතුරුදන්ව ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කෙසෙල්වත්ත ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 21ක් හැවිරිදි තරුණියකි.
අතුරුදන්ව ඇති තරුණියගේ යෙහෙළියන් දෙදෙනෙකු තිහාරිය ප්‍රදේශයේ පදිංචි ඥාති නිවෙසකට පැමිණ ඇති අතර එහිදී අතුරුදන් වූ තරුණිය ද යෙහෙළියන් සමග අත්තනගලු ඔය දෙසට ගොස් තිබේ.
එහිදී සෙල්පි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ පය ලිස්සා යාමෙන් ඔයට වැටී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර මේ වන විට නාවික කිමිදුම් අංශයට මේ පිළිබඳව දැනුම් දී තිබේ.