දසුන් ශානකගේ ස්ථානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්

0

දසුන් ශානකගේ ස්ථානය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ස්ථානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

දසුන් ශානක ලකුණු අතරට නොපැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයේ ලොකුම අඩුපාඩුවක් විදිහට තමන් දකින බවද හෙතෙම කියා සිටියි.

දසුන් ශානක ලකුණු අතරට නොපැමිණෙන්නේ නම් ඔහුගේ කණ්ඩායමේ ස්ථානය පිළිබඳ ගැටලුවක් ඇති වීමේ ඉඩක් ඇති බවද මාලිංග පෙන්වා දෙයි.

පසුගිය තරග කිහිපය තුළදීම් දසුන් ශානක තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් බවත් ඔහුගේ වගකීම වන්නේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තමන්ගේ පිතිකරණ දක්ෂතාවය පෙන්නුම් කිරීම බවත් හෙතෙම කියා සිටී.

නායකයා වූ පමණින් කණ්ඩායමේ රැඳීමට හැකියාවක් නැති බවත් කණ්ඩායමේ රැදෙන්නේ හැකියාව දක්ෂතාවය මත පමණක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් පල කරමින් මාලිංග මෙම අදහස් පල කලේය.

https://facebook.com/watch/?v=226704489702330&ref