නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර

0

නීතිඥවරියකට අධිකරණය

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙන බව වාර්තා වනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වූ විවාහක පුද්ගලයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවයි පැවසෙන්නේ.

පැමිණිලිකාරිය වන තරුණ නීතිඥවරියගේ ගෙල ප්‍රදේශයේ කුරුල්ලකුගේ සලකුණක් සහිත පච්චයක් කොටා තිබූ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ නීතිඥවරිය තම සේවාදායකයාට අධිකරණයේ දඩ මුදල් ගෙවන ස්ථානය පෙන්වීමට එම ස්ථානයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එම ස්ථානයේ සිටි සැකකරු නීතිඥවරියගේ ගෙලෙහි වූ පච්චය දැක ඔයා හරි ලස්සනයි’ කියමින් කෑ ගසා ඇති බවයි වාර්තා වෙන්නේ.

පැමිණිල්ලේ සඳහන් වන්නේ, එම අවස්ථාවේදී ඇය තමා නිතිඥවරියක් යැයි පවසා ඔහුගෙන් ගැලවී අසල වූ අධිකරණ ශාලාව වෙත ගමන් කරද්දී ඇය පසුපස ලුහුබඳිමින් ඔයා හරි ලස්සනයි, හැම පැත්තෙන්ම බැලුවත් ලස්සනයි කියමින් තවත් නොමනා වදන් පවසමින් ඇයට අතවර කළ බවටයි.

එහිදී පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර ‘බී’ වාර්තාවක් මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇත.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිල්ල මෙහෙය වූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ, නීතිඥවරියෝ 100 කට අධික පිරිසක් පෙනී සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.