LPL තරග මුදලට පාවාදීමට උත්සාහ කළ ක්‍රීඩකයාට තහනමක්

0

තරග මුදලට පාවාදීමට

ලංකා ප්‍රිමියර් ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග් සහ අබුඩාබි T10 තරග මුදලට පාවාදීමට උත්සාහ කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් ට එරෙහිව තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

එම තහනම පනවා ඇත්තේ 33 හැවිරිදි ඩෙවොන් තෝමස් ට එරෙහිව ය.

ICC දුෂණ විරෝධී නීති අනුව තෝමස් ට එරෙහිව චෝදනා 7ක් එල්ලකර ඇති අතර ඒ සඳහා පිළිතුරු සැපයීමට ඔහුට දින 14ක කාලයක් ලැබෙයි.

ඔහුට එරෙහිව එල්ලකර ඇති බරපතළම චෝදනාව වන්නේ LPL තරගයක් මුදලට පාවාදීමට උත්සාහ කිරීම වෙනුවෙනි.

ඒ 2021 දී ඔහු “කැන්ඩි වොරියර්ස්” කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ අතර එහිදී ඔහු තරග පාවාදීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙයි.