පන්සලක ධාතු කරඬුවකට විද්ද යුවලක් අත්අඅඩංගුවට

0

විද්ද යුවලක්

කල්දමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිමවූ නෙළුම් මලක හැඩයෙන් යුත් ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

එම ධාතු කරඬුව සොරා ගන්නා විට එය උණු කර තිබූ බවත් ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 170 බරින් යුත් රන් ගුලියක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ඉකුත් ජනවාරි 18 වෙනි දින මෙම සොරකම සිදුකර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක ඉංගිරියෙ පදිංචි පුද්ගලයෙක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 38 ක පිළියන්දල පදිංචිකාරියකි.

සැකකරු සහ සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.