රට 31 වැනිදා අරිනවා දැයි තවම තීරණයක් ගෙන නැහැ – හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

0
Shavendra silva - හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා රට ලබන 31 වැනිදා විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රටේ තත්වය සමාලෝචනය කිරීමෙන් පසුව එය තීරණය කරන බවද යුද හමුදාපතිවරයා කියයි

බොහෝ දුරට එය හෙට (28) තීරණය කෙරෙනු ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

රටේ කොවිඩ් පැතිරීම අඩු වී ඇත්දැයි අප කළ විමසුමකදී යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ ගැන ප්‍රකාශයක් කිරීමට තවම කල් වැඩි බවය

කොවිඩ් පාලනය කිරීම සඳහා රජය විසින් පසුගිය 25 වැනිදා රාත්‍රියේ සිට ජුනි 7වැනිදා දක්වා සංචරණ සීමා පනවණු ලැබීය .

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් ලබන 31 වැනිදා සහ ලබන මස 4 වැනිදා රට විවෘත කිරීමට මුලින් තීරණය කර තිබිණ .