ජනතාව වෙනුවෙන් තමන් මැරෙන්න වුනත් ලෑස්ති බව සජිත් ප්‍රේමදාස කියයි

0
Sajith Premadasa - ජනතාව වෙනුවෙන් තමන් මැරෙන්න වුනත් ලෑස්ති බව සජිත් ප්‍රේමදාස කියයි

ලක්ෂ දෙසිය විස්සක් වූ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මැරෙන්න වුවද තමන් සූදානම් බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා රට පාලනය වගකීම ප්‍රේමදාසගෙ පුතා වන තමනට පමණට බාර දෙන්නැයි ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් අම්පාරේදී සංවිධානය කර තිබූ ජන රැළියක් අමතමිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි යැයි කියමින් ආණ්ඩුව ජනතාවට බදු ගසන බව ද පැවසූ ඔහු වත්මන් ආණ්ඩුවට එසේ බදු පැනවීමට කිසිදු ජනවරමක් නැති බවද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවට ජනවරමක් නැති නිසා එම ආණ්ඩුව සමග එළැඹෙන ගිවිසුම් කිසිදු වලංගුතාවක් නැති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තමන් පවසන බව විපක්ෂනායකවරයා එහිදී පැවසීය.