ප්‍රදේශ කිහිපයක වියළි කාලගුණ තත්ත්වයක්

0
Today Weather Forecast - ප්‍රදේශ කිහිපයක වියළි කාලගුණ තත්ත්වයක්

ඉදිරි දිනවල දී දිවයිනේ නැඟෙනහිර සහ ඌව පලාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක් තද සුළං ද ඇති විය හැකි බව යි වාර්තා වන්නේ.