පළාත් පාලන ඡන්ද විමසීම තවත් වසරකින් කල් දමන ලකුණු

0
Local Government Election - පළාත් පාලන ඡන්ද විමසීම තවත් වසරකින් කල් දමන ලකුණු

මීළඟට පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන ඡන්ද විමසීම තවත් අවුරුද්දකින් කල් දැමෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

එහි පලවෙනි පියවර ලෙස ඡන්ද විමසීම මාස 6කට කල් දමා ඉන් පසු තවත් මාස හයකින් කල් දැමීමට කටයුතු සිදුවුණු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

දැනටත් පළාත් පාලන ඡන්ද විමසීම මාර්ාතු මස 20 දා ට පෙර පවත්වා අවසන් කළ යුතු අතර ඒ අනුව එම ඡන්ද විමසීම සඳහා මේ මස 28 වැනි දායින් පසු නාමයෝජනා කැඳවීමට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ නමුත් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු ආර්ථික හෝ ආරක්ෂක තත්ත්වයක් නොමැති බව පවසමින් මෙම මැතිවරණ කල් දැමීමට සිදු වනු ඇති බවද වාර්තා වෙයි.