ඉන්දියාවේ කුඩා දරුවෙකු ඉතා ගැඹුරු ළිඳක සිරවෙයි

0
Child in India - ඉන්දියාවේ කුඩා දරුවෙකු ඉතා ගැඹුරු ළිඳක සිරවෙයි

අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටුණු කුඩා දරුවෙකු එහි සිරවී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වලින් බවය.

මෙම දරුවා මේ වනවිට පැය 16ක කාලයක් ළිඳ තුළ සිරවී සිටින බව එම වාර්තා පවසයි.

මේ වනවිට දරුවා ළිඳේ අඩි 55ක පමණ උසක සිරවී සිටින බවට උපකල්පනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දරුවට ඉහළින් මඩ තට්ටුවක් සිරවී ඇති බැවින් තවමත් දරුවාගේ තත්ත්වය නිශ්චිතව කිව නොහැකි බවය.

දරුවා මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙලෙස ළිඳ තුළ සිරවී ඇත්තේ වයස අවුරුදු 8ක කුඩා දරුවෙකි.

මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටියදී දරුවා ළිඳ තුළට වැටෙන්නට ඇති බවට සැකපළකරයි.