අයිස් ග්‍රෑම් 5ට වැඩිය තිබ්බොත් මරණ දඬුවම

0
Death Penalty of Ice - අයිස් ග්‍රෑම් 5ට වැඩිය තිබ්බොත් මරණ දඬුවම

ශ්‍රී ලංකාව තුළ අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑ ම පුද්ගලයකුට මරණ දණ්ඩනය පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පැවරී ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

පෙරේදා (23) සිට ක්‍රියාත්මක වන 2022 අංක 41 දරන වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත යටතේ, අධිකරණය වෙත ඊට අදාළ බලතල පවරා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මීට පෙර මේ ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තිබියදී මරණ දණ්ඩනය නියම කිරීමට අධිකරණයට හැකියාව තිබුණේ, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර පාසල් සිසුන් සතුව අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් ළමා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කිරීමේ හැකියාව පවතින බවත් ‍රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.