අඩු පීඩන කලාපය වයඹ දෙසට බර වෙයි.. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්…

0
Today Weather Forecast - අඩු පීඩන කලාපය වයඹ දෙසට බර වෙයි.. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්...

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද දිනයේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවය.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්.