දෙවැනි මංකිපොක්ස් රෝගියාත් හමුවෙයි

0
Monkeypox in Sri Lanka - දෙවැනි මංකිපොක්ස් රෝගියාත් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ දෙවැනි මංකිපොක්ස් ආසාදිතයා ද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ පැවසීය.

මේ අතර ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකු මෙරටින් හඳුනාගත් පළමු මංකිපොක්ස් ආසාදිතයා ලෙස වාර්තා වී තිබුණි.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසීය.

වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබුණි.

ඒ අනුව මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ IDH උණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.