
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීම තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.
නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.