
තමන්ගේ කැමැත්තෙන් එක්සත් ජාතික පක්ෂය හා ඉදිරි දේශපාලනය කිරීමට කැමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරීන් ගේ කැමැත්ත මත ඔවුන් පක්ෂයට එකතු කරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ප්‍රධානීන්නට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ඒ සඳහා වන වැඩ පිළිවෙලක් ඉක්මනින් සකස් කරන ලෙසත් දැනුම්දී තිබේ.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති එම පක්ෂයේ ප්‍රධානීන් පිරිසක සමග වූ සාකච්ඡාවකදී මෙම දැනුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇත.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක මහජන නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂය එක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව මෑතක දී අවස්ථා ගණනාවකදීම වාර්තා විය.