චීනයෙන් ඩීසල් පරිත්‍යාගයක්

0

චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර තිබේ.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවය.

කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා එම ඉන්ධන පරිත්‍යාගය යොදාගැනීමට නියමිතය.