සංචාරකයන් පැමිණීම 119% කින් ඉහළට

0

මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේදි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව 119% ක වර්ධනයකි.

එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් 526,232 ක් දිවයිනට පැමිණ ඇති අතර 2021 වසරේ එම කාල සීමාව හා සසඳන විට එය 1287.6% ක වර්ධනයකි.

2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉපයු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 946.4ක් බව මහ බැංකු දත්ත පවසයි.