ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 5 අතරට ලංකාවත්

0
Conde Nast Traveler Article of Sri Lanka - ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 5 අතරට ලංකාවත්
ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

Conde Nast Traveler සඟරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාවට 05 වෙනි ස්ථානය හිමිව තිබෙනවා.

පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙලින් 2, 3, 4 යන ස්ථාන දිනා ගත්තා.

ශ්‍රී ලංකාව ලෝකයේ හොදම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගෙන තිබෙනවා.