
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පවත්වන විරෝධතාවක් මේ වන විට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසල පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ ජල බවුසර් ආදිය ස්ථානගත කර තිබෙන අයුරු ද දක්නට තිබේ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.