රංජන් එළියට එන ආකාරය ඇමති විජයදාස කියයි

0
Presidential Pardon - රංජන් එළියට එන ආකාරය ඇමති විජයදාස කියයි

රංජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රංජන් රාමනායක මහතා දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම,යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකි වීම හේතුවෙන් ජනාධිපති සමාව දීම සාධාරණ යැයි රජය විශ්වාස කරන බව ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව කොන්දේසියක් යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කල බවත් ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳීම හේතුවෙන් අධිකරණය අවතක්සේරු නොවන ආකාරයට ජනාධිපති සමාව ලබා දිය යුතු බව විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව ඔහු පැවසුවේය.