තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14871ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 24 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 12ක් සහ සහ පිරිමි පුද්ගලයන් 7ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තාවක් ද මියගිය පිරිසට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර මරණ දෙකක් වර්තාවී ඇති අතර ඔවුන් දෙදෙනාම පිරිමි පුද්ගලයන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් 11 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ 19ට අයත්.