ලංකා ප්‍රිමියර් ලීග් අවසන් සටන අද

0
Lanka Premier League Final Today - ලංකා ප්‍රිමියර් ලීග් අවසන් සටන අද

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් දෙක අතරයි.

රාත්‍රි 7යි 30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සෑම කණ්ඩායමක්ම තරග 8 බැගින් ක්‍රිඩා කළ අතර ඉන් තරග 6ක් ජයගනිමිනුයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අනෙක් කණ්ඩායම වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමස්ත තරගාවලියේ ජයගත් තරග සංඛ්‍යාව 4ක්.