ලබන වසරේ සිට එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

0
The Vaccination Card will be Mandatory from Next Year - ලබන වසරේ සිට එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇතැයි ද ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

මේ අනුව එන්නත් දෙකම ලබාගත් අයට විශේෂ යෙදුමක් (App) හා කේත අංකයක් (QR Code ) ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පේනවා දෙනවා.

මෙම ස්ථානයන්හි කළමණාකාරිත්වයට මෙහි වගකීම පැවරෙන බවත්, උදාහරණයක් ලෙස සිනමාශාලාවක් තුළ සිටින අයෙකු එන්නත්කරණ කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් නම් එහි වගකීම එහි කළමණාකාරිත්වය විසින් භාරගත යුතු වනවා.