දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදෙකලා කරයි

0
Isolated area in sri lanka today - ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය, මඩකලපුව, මොනරාගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 9ක්.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පලෙයි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්මඩු ග්‍රාම නිලධාරී වසම ද මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.

මොනරාගල දිස්ත්‍රික්කයේ කිරිවැව,සෙවනගල,බහිරව,හබරත්නවෙල,හබරුගල,මහගම,ඉඳිකොලපලැස්ස යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බල ප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බල ප්‍රදේශය, හා මුලතිව් පොලිස් බල ප්‍රදේශයන්හි ඉතිරි ග්‍රාම නිලධාරීවසම්වල හුදෙකලා භාවය අද (21) පෙරවරු 6.30සිට ඉවත් කර තිබෙනවා.