සමගි ජන බලවේගය පාර්ලිමේන්තු ඒමේ තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසු

0
SJB Decision to Come to Parliament after the Party Leaders Meeting - සමගි ජන බලවේගය පාර්ලිමේන්තු ඒමේ තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසු

පසුගිය සිකුරාදා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මුල් කරගනිමින් ඇති වූ තත්ත්වයත් සමඟ අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට සහභාගි වනවා ද නැද් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.

ඊයේ පස්වරුවේ ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම්, පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ.

මේ අතර අයවැය කාරක සභා විවාදයේ 12 වන දිනය අදයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.