ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි

0
ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබුණි.

කින්යා ප්‍රදේශයෙන් සිද්ධීන් තුනක්, කොට්ටාවෙන් සිද්ධීන් දෙකක්, මීගමුව, වව්නියාව, පුත්තලම, නුවරඑළිය, කොටගල, වාද්දුව, මහබුත්ගමුව, අම්බලන්ගොඩ, ගොනපීනුවල, මිද්දෙනිය සහ විලච්චිය යන ප්‍රදේශවලින් එම සිද්ධීන් වාර්තා විය.

මෙම සිද්ධීන් අතර ගෑස් ලිප් පුපුරා යෑමේ සිද්ධීන්, රෙගියුරේටරය සහ බට පුපුරායෑමේ සිද්ධීන් වාර්තා වේ.