ආණ්ඩුව සමග ගැටෙන ශ්‍රීලනිපයේ ස්ථාවරය

0
Dayasiri Jayaseka Statement of Resignation from Sri Lanka - ආණ්ඩුව සමග ගැටෙන ශ්‍රීලනිපයේ ස්ථාවරය
ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් යම් යම් විවේචන තිබුණ ද අඛණ්ඩව ආණ්ඩුව සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.

“කිසිම තීන්දුවක් අරගෙන නැහැ. එක එක අය එක එක විදිහේ ප්‍රචාර කරනවා. ඒ ගැන අපි කලබලවෙන්නේ නැහැ. තවමත් අපි ආණ්ඩුව සමග වැඩකරගෙන යනවා.”

මාධ්‍යවේදියෙක් – අණ්ඩුව ගැන කලකිරීමක් නැද්ද ?

දයාසිරි ජයසේකර මහතා – “නැහැ.. නැහැ කිසි කලකිරීමක් නැහැ. තියෙන ඒවාට අපි ඒ වෙලාවට මුහුණදීගෙන යනවා. ඉතින් අපි හදපු ආණ්ඩුවනේ.. අපි හදපු ජනාධිපතිතුමානේ. ඒ නිසා ආණ්ඩුවේ තිබෙන දුර්වලතා සහ අඩුපාඩු ටිකත් රැකගෙන ඉදිරියට ගෙනියන්න තමයි බලාපොරොත්තුව තිබෙන්නේ.”