දයාසිරි ජයසේකරගේ පුත‍්‍රයාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රන් මාලයක් සහ මුදල් පැහැරගෙන

0

මාලයක් සහ මුදල් පැහැරගෙන

ප්‍රධාන දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙකුගේ නීතිඥ පුත්‍රයෙකුගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර න් මාලයක් සහ මුදල් පැහැරගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙම නීතිඥ පුත්‍රයා තම හිතවතියක සමග බම්බලපිටිය ප්‍රදේශය මෝටර් රථයක කතාබහ කරමින් සිටියේ දී මෙම මංකොල්ලකෑම සිදුව ඇත.

පාපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් බෙල්ලට උල් පිහියක් තබා තර්ජනය කර මෙසේ රන් මාලය හා මුදල් පැහැරගෙන ගොස් තිබේ.

අදාල කොල්ලකෑම සිදුකළ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර බම්බලපිටිය පොලිසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් සිටියි.

වාර්තා වන ආකාරයට මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත‍්‍රයායි.