ජනාධිපතිට දේශපාලන නායකත්වය ලබාදිය නොහැකි ආකාරයට හිර කරලා

0
Nimal Piyathissa Statement of Prasident Political Leadership - ජනාධිපතිට දේශපාලන නායකත්වය ලබාදිය නොහැකි ආකාරයට හිර කරලා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන බලයක් නොලැබෙන ආකාරයේ ආකෘතියක් තුල ඔහු සිර කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

මෙය ඉතාම සැලසුම් සහගතව සිදුකරන ලද දෙයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමන් මෙම සන්ධානය තුළ නායකයා බවට පත් විය යුතු නමුත් දේශපාලන වශයෙන් එතුමා දේශපාලන බලවේගවලට නායකත්වය සපයන්නේ නැති බව ද ඔහු පැවසීය.

ජනාධිපතිතුමාට එතනින් ඈත් කර වෙනම තැනක සිර කර ඇත්තේ සැලසුම්කරුවන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික මාවතක ගමන් කරවීමට බවද ඔහු පෙන්වා දෙයි.

අගමැතිතුමන් පොහොට්ටු සමුළුවේ දී ඉතාම වේදනාවෙන් කතා කළේ මෙම තත්ත්වය දැකීමෙන් බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය තවමත් නිවැරදි වී නැතැයි පවසන ඔහු මෙහෙම ගියොත් මෙය කෙළවන්නේ පරාජයකින් බවත් සඳහන් කළේය.